The Names Of Donors
Mr.S. Wanniarchchi & Mrs. Wanniarachchi, Wanawasala, Kelaniya
බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන්, අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත, ඉන් සුරක්ෂිත කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක් ව ක්‍රියාත්මක කරන ‘ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා‘ පුණ්‍ය ව්‍යාපෘතියේ ඔයාමඩුව මානින්ගමුව ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පින්වත් මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2021 මාර්තු මස 14 දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දරන්නේ, මියගිය දෙමව්පියන්ට පින් පිණිස 541/1,වනවාසල, කැලණිය ලිපිනයේ පදිංචි එස්. වන්නිආරච්චි මහතා සහ වන්නිආරච්චි මහත්මිය විසින්.
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලූ පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා!!! සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදාවෙත්වා !!!
Mr.S. Wanniarchchi & Mrs. Wanniarachchi, Wanawasala, Kelaniya