The Names Of Donors
නැසීගිය දෙමාපියන් ට, නැසීගිය වෛද්‍ය එස්.ජී. කුලතිලක හා නැසීගිය ඥාතීන්ට පිං පිණිස ඕර් ලියනගේ, මොලී ලියනගේ, ධම්මා කුලතිලක හා සීදන්ත කුලතිලක යන අය විසින්
බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මඟින් ක්‍රියාත්මක කරන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ කාවන්තිස්සපුර සේරුවිල ඉදිකළ පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය සේරුවිල මංගල රජමහා විහාරධිපති පූජ්‍ය අලුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් 2021 නොවැම්බර් මස 05 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දරන්නේ පින්වත් ඕර් ලියන්ගේ, පින්වත් මොලී ලියනගේ, පින්වත් ධම්මා කුලතිලක හා පින්වත් සීදන්ත කුලතිලක යන අය විසිනි.
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා..!
නැසීගිය දෙමාපියන් ට, නැසීගිය වෛද්‍ය එස්.ජී. කුලතිලක හා නැසීගිය ඥාතීන්ට පිං පිණිස ඕර් ලියනගේ, මොලී ලියනගේ, ධම්මා කුලතිලක හා සීදන්ත කුලතිලක යන අය විසින්