The Names Of Donors
Heart Arise සංගමය, පින්වත් සසකි ජුන් මහතා, පින්වත් කවීන් අතපත්තු මහතා, සහ පින්වත් රනිත් විතානආරච්චි මහතා විසිනි.
බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මඟින් ක්‍රියාත්මක කරන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ වැල්ලවාය මූලික රෝහලේ ඉදිකළ පානීය ජල පිරිපහදු මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අති පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2021 ඔක්තෝබර් මස 30 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දරන්නේ Heart Arise සංගමය, පින්වත් සසකි ජුන් මහතා, පින්වත් කවීන් අතපත්තු මහතා, සහ පින්වත් රනිත් විතානආරච්චි මහතා විසිනි. ගැබිණි මාතාවන් 30 දෙනෙක් උදෙසා අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්යාගකිරීමක් මෙම වැඩසටහනට සමගාමීව පැවත්විණි.
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් සහ භාණ්ඩ පරිත්‍යාගයෙන් රැස් වූ සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා..!
Heart Arise සංගමය, පින්වත් සසකි ජුන් මහතා, පින්වත් කවීන් අතපත්තු මහතා, සහ පින්වත් රනිත් විතානආරච්චි මහතා විසිනි.