The Names Of Donors
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ රුවන් වීරසිංහ මහතා, තුෂානි වීරසිංහ මහත්මිය , සඳෙව් වීරසිංහ පුතණුවන් සහ සහන්සා වීරසිංහ දියණිය විසිනි.
බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කළ 151 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යපෘතිය කහටගස්දිගිලිය මීමින්නාවල ගම්මානයේ දී ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ - 2024 අගෝස්තු මස 02 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ රුවන් වීරසිංහ මහතා, තුෂානි වීරසිංහ මහත්මිය , සඳෙව් වීරසිංහ පුතණුවන් සහ සහන්සා වීරසිංහ දියණිය විසිනි....!!!
ජීවිතය දන්දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා...!!!
එමෙන් ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා මූල්‍ය දායකත්වය දැක් වූ රුවන් වීරසිංහ මහතා ඇතුළු පවුලේ සැමටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, ඉදිකිරීම් කටයුතු සඳහා උපකාර කළ මීමින්නාවල ගම්වාසී සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා...!!!
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ රුවන් වීරසිංහ මහතා, තුෂානි වීරසිංහ මහත්මිය , සඳෙව් වීරසිංහ පුතණුවන් සහ සහන්සා වීරසිංහ දියණිය විසිනි.