Description

බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කරන 149 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යපෘතිය කන්තලේ අග්බෝපුර මැදගම ශ්‍රී පච්ජිමාරාම විහාරස්ථානයේ දි ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2024 මැයි මස 18 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ 75 ව නිදහස් සැමරුම සහ වසර 30ක ඩුබායි දේශයේ කෝන්සල් ජෙනරාල් කාර්යලය විවෘත කිරීම සැමරීම වෙනුවනේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසිනි...
ජීවිතය දන්දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා!
එමෙන් ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා මූල්‍ය දායකත්වය දැක් වූ පින්වත් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, ඉදිකිරීම් කටයුතු සඳහා උපකාර කළ ගම්වාසී සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා!

The Names Of Donors

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ 75 ව නිදහස් සැමරුම සහ වසර 30ක ඩුබායි දේශයේ කෝන්සල් ජෙනරාල් කාර්යලය විවෘත කිරීම සැමරීම වෙනුවනේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසිනි.

Video
Location

Agbopura, Medagama, Sri Lanka