ගෝමරන්කඩවල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානය පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය.
බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කරන 139 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යපෘතිය වූ ගෝමරංකඩවල සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ - 2023 අගෝස්තු මස 19 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මහමෙව්නාව අසපු සංචිතය, ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා කැලණිය විශ්වවිද්‍යාලීය රසායන විද්‍යා අංශය එක්ව ඉදිකරන ලදී. මෙ සඳහා මූල්‍ය දායකත්වය දරන ෂාමල් ගුණවර්ධන මහත්මා, මිහිරි වීරසිංහ මහත්මිය, වරුණ මැද්දගේ මහත්මා, තක්ෂිලා හේරත් මහත්මිය, හසලා ඉලංගරත්න මහත්මිය
ඇතුළු එම පවුල්වල පිරිස විසිනි.
ජීවිතය දන්දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන් ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා මූල්‍ය දායකත්වය දැක් වූ ෂාමල් ගුණවර්ධන මහත්මා, මිහිරි වීරසිංහ මහත්මිය, වරුණ මැද්දගේ මහත්මා, තක්ෂිලා හේරත් මහත්මිය, හසලා ඉලංගරත්න මහත්මිය
ඇතුළු එම පවුල්වල පිරිස විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, ඉදිකිරීම් කටයුතු සඳහා උපකාර කළ ගම්වාසී සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා...!