බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කරන 142 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යපෘතිය වූ මිදෙල්ලව පිවිතුරු පැන් පූජා පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ - 2023 ඔක්තොම්බර් මස 24 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මහමෙව්නාව අසපු සංචිතය, ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා කැලණිය විශ්වවිද්‍යාලීය රසායන විද්‍යා අංශය එක්ව ඉදිකරන ලදී. මෙ සඳහා මූල්‍ය දායකත්වය දරන්නේ පින්වත් පිරිසක් විසින්
මෙහිදී කැනඩාවේ ටොරොන්ටෝ We Care For You සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් කුසුම්පුර ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 25 ක් උදෙසා රු.10000/= ක වටිනාකමින් යුතු වියලි ආහාර මලු බෙදා දීමද සිදු කරන ලදී.
ජීවිතය දන්දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන් ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා මූල්‍ය දායකත්වය දැක් වූ පින්වත් පිරිස සහ මෙහිදී කැනඩාවේ ටොරොන්ටෝ We Care For You සංවිධානයේ මූල්‍ය දායකත්වයෙන් මිදෙල්ලව ප්‍රදේශයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 25 ක් උදෙසා රු10000 ක වටිනාකමින් යුතු වියලි ආහාර මලු බෙදා දීම සිදු කරන ලද පිරිසටත්. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, ඉදිකිරීම් කටයුතු සඳහා උපකාර කළ ගම්වාසී සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා...