Description

ඇලහැර කෝට්ටපිටිය පානීය ජල ව්‍යාපෘතිය 155 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය’’
බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කළ 155 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ඇලහැර කෝට්ටපිටිය ප්‍රදේශයේ දී ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2025 ජනවාරි මස 18 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ මත්තේගොඩ පදිංචි පින්වත් මහත්මියක් විසිනි...!!!
ජීවිතය දන්දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා...!!!
එමෙන් ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා මූල්‍ය දායකත්වය දැක් වූ මත්තේගොඩ පදිංචි පින්වත් මහත්මියට සහ ඉදිකිරීම් කටයුතු සඳහා උපකාර කළ ඇලහැර කෝට්ටපිටිය ගම්වාසී සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා...!!!

Donated water (Litre)

-3

The Names Of Donors

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ මත්තේගොඩ පදිංචි පින්වත් මහත්මියක් විසිනි.

Video
Location

kottapitiya