Description

පොල්පිතිගම කිරිබමුණේගම පානීය ජල ව්‍යාපෘතිය 158 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය
බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කළ 158 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය පොල්පිතිගම කිරිබමුණේගම ප්‍රදේශයේ දී ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2025 මැයි මස 30 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ රහීම් වල්ලනී මහතා ඇතුළු පවුලේ පින්වතුන් විසිනි...!!!
සම්බන්ධීකරනයනය කළ කැනඩාවේ We Care For You සංවිදානයටත් ජීවිතය දන්දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා...!!!
එමෙන් ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා මූල්‍ය දායකත්වය දැක් වූ රහීම් වල්ලනී මහතා ඇතුළු පවුලේ පින්වතුට සහ සම්බන්ධීකරනයනය කළ කැනඩාවේ We Care For You සංවිදානයටත් ඉඩම සහ ලිඳ පරිත්‍යාග කළ එච්වින් වික්‍රමසිංහ මහතාටත් දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ මේ පින අනුමෝදන් වෙත්වා!
මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා...!!!

The Names Of Donors

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ රහීම් වල්ලනී මහතා ඇතුළු පවුලේ පින්වතුන් විසිනි.

Video
Location

kiribamunegama