Donated water (Litre)
260000000
බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කළ 165 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ගනේවත්ත පීටර්වැලිය ගම්මානයේ දී ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2025 දෙසැම්බර් මස 27 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ ස්වර්ණා වන්නිආරච්චි ආදරණීය මෑණියන්ගේ 20 වන ගුණ සමරුව නිමිත්තෙන් සහ සුමිත්‍ර ලාල් වන්නිආරච්චි පියාණන්ට පින් පිණිස දූ දරුවන් විසිනි...!!!
ජීවිතය දන්දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා...!!!
එමෙන් ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා මූල්‍ය දායකත්වය දැක් වූ ස්වර්ණා වන්නිආරච්චි සහ සුමිත්‍ර ලාල් වන්නිආරච්චි පියාණන්ගේ දූ දරුවන්ට සහ දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ මේ පින අනුමෝදන් වෙත්වා!
මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා...!!!
260000000
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලැබුවේ ස්වර්ණා වන්නිආරච්චි ආදරණීය මෑණියන්ගේ 20 වන ගුණ සමරුව නිමිත්තෙන් සහ සුමිත්‍ර ලාල් වන්නිආරච්චි පියාණන්ට පින් පිණිස දූ දරුවන් විසිනි...!!!
Ganewatta