The Names Of Donors
ජයවර්ධන පියාණන්, අනුලාවතී කුමාරිහාමි, දිලූෂා සුමනදාස ඇතුලු පවුලේ සියලු දෙනා විසින්..
බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මඟින් ක්‍රියාත්මක කරන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ යටතේ ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකළ පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2021 මාර්තු මස 21 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දරන්නේ චමින්ද කුමාර ජයවර්ධන පුතණුවන්ට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරමින් ජයවර්ධන පියාණන්, අනුලාවතී කුමාරිහාමි මෑණියන්, දිලූෂා සුමනදාස බිරිඳ සහ සහෝදරයන් ඇතුළු පවුලේ නෑදෑ හිත මිතුරන් විසිනි.
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !
ජයවර්ධන පියාණන්, අනුලාවතී කුමාරිහාමි, දිලූෂා සුමනදාස ඇතුලු පවුලේ සියලු දෙනා විසින්..