The Names Of Donors
බෙල්ජියමෙහි නන්දනී සිරානි මහත්මිය, සයිප්‍රස්හි රූපා ශ්‍රියාලතා මහත්මිය, ඉතාලියේ පේමලතා අලුත්ගේ මහත්මිය
බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මඟින් ක්‍රියාත්මක කරන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්ය ව්යාපෘතිය යටතේ ලංකා සීනී සමාගම පැල්වත්ත - ජනාවස 4 ඉදිකළ පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අති පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2021 ඔක්තෝබර් මස 31 වන දින පැවැත්විණි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දරන්නේ බෙල්ජියමේ පදිංචි පින්වත් නන්දනි චන්ද්‍රසේකර මහත්මිය, ඉතාලියේ පදිංචි පින්වත් ප්‍රේමා අලුත්ගේ මහත්මිය, සයිප්‍රසයේ පදිංචි පින්වත් රූපා ශ්‍රියාලතා සහ පවුලේ සියළු දෙනා විසිනි.
ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේම උතුම් චතුරාර්ය සත්ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා..!
බෙල්ජියමෙහි නන්දනී සිරානි මහත්මිය, සයිප්‍රස්හි රූපා ශ්‍රියාලතා මහත්මිය, ඉතාලියේ පේමලතා අලුත්ගේ මහත්මිය