Description

බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂික කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කරන 121 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය වන අනුරාධපුර ලෝලුගස්වැව ඉදිකළ පානීය ජල පරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අති පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ - 2022 සැප්තැම්බර් මස 24 වන දින පැවැත්විණි.

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය ඇන්ඩෘ ප්‍රනාන්දු මහත්මා සහ ලස්නී දන්තනාරායන මහත්මිය සහ තම දරුවන් දෙදෙනා විසින් ඉදිකර පූජා කරන ලදී. මෙම පින්කමට සමගාමීව මෙම ගම්මානයේ වෙසෙන ගර්භණී මව්වරුන් හය දෙනෙකුට වටිනා වියළි ආහාර මලු ඇමෙරිකාවේ නිව්යෝර්ක් මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැවතුන්ගේ දායකත්වයෙන් ලබා දෙන ලදී.

ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා ! සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා ! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, ඉදිකිරීම් කටයුතු සඳහා උපකාර කළ ගම්වාසී සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා...

The Names Of Donors

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය ඇන්ඩෘ ප්‍රනාන්දු මහත්මා සහ ලස්නී දන්තනාරායන මහත්මිය සහ තම දරුවන් දෙදෙනා විසින් ඉදිකර පූජා කරන ලදී.

Location

Kurunegala, Sri Lanka