Description

බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්රිය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා රූපවාහිනියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මඟින් ක්‍රියාත්මක කරන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ යටතේ ඇලයාපත්තුව මහ සියඹලාගස්වැව ඉදිකළ පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ 2021 ජූලි මස 15 වන දින පැවැත්විණි.

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා දායකත්වය දරන්නේ දිස්ත්‍රික් 306 C1 සිංහ දිස්ත්‍රික්කයේ ස්ටැෆඩ් සිංහ සමාජයේ සාමාජික සිංහ නිලන්ති ප්‍රනාන්දු මහත්මිය, ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ සැම සහ ශාමිණී විජේනායක මහත්මිය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සමඟ මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ කීර්ති පැස්කුවල් මහතා සහ පවුලේ සැම විසිනි.

ජීවිතය දන් දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා! සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා! එමෙන්ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් ඉදිකිරීම් කටයුතු සිදුකරන සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවෙත්වා !

The Names Of Donors

සිංහ සමාජය නියෝජනය කරන සිංහ නිලන්ති ප්‍රනාන්දු මෙනවිය, ඉන්ද්‍රජිත් ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ සැමට සහ ශාමිණී විජේනායක මහත්මිය ඇතුළු දායකත්වය දරන පවුල් වල සැම