Description

බැරලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේ ම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස, මහමෙව්නාව භාවනා අසපු සංචිතයත්, ශ්‍රද්ධා රූපවාහිනියත් මඟින් ක්‍රියාත්මක කරන 131 වන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය වූ කැබති මහනබඩවැව කැබිතිගොල්ලෑව පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය අති පූජනීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ - 2023 පෙබරවාරී මස 18 වන දින පැවැත්විණි.

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය පිනට කැමති පින්වත් පිරිසක් විසින් ඉදිකර පූජා කරන ලදී.

ජීවිතය දන්දීම හා සමාන වූ මේ උතුම් පින්කම මඟින් රැස්වන සියලු පින් අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී , ලෝවාසී පින්වත් මහා සංඝරත්නයටත් අනුමෝදන් වෙත්වා ! සුවසේ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වෙත්වා ! එමෙන් ම මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය තැනවීම සඳහා දායකත්වය දැක් වූ සුපින්වත් සියලු දෙනාටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනාටත්, ඉදිකිරීම් කටයුතු සඳහා උපකාර කළ ගම්වාසී සියලු දෙනාටත්, දැකබලා සතුටුවන සුපින්වත් ඔබ සැමටත් එකසේ අනුමෝදන් වෙත්වා! මේ ගෞතම බුදුසසුනේ දී ම උතුම් ධර්මාවබෝධය කිරීමේ වාසනාව උදාවේවා...

The Names Of Donors

පිනට කැමති පින්වත් පිරිසක් විසින් ඉදිකර පූජා කරන ලදී.

Video
Location

Loonuwaththa, Badulla, Sri Lanka