Description

බැර ලෝහ මිශ්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරනු පිණිස ක්‍රියාත්මක කරන ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ත්‍රිකුණාමලය චීන වරාය - ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ පිරිපහදු මධ්‍යස්ථානය සඳහා මුල්ගල් තැබීම,

අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ පියතිස්ස වංශාලංකාර ගෞරව නාම සහිත, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක, ත්‍රෛයිනිකායික එක්සත් භික්ෂු බල මණ්ඩලයේ, නගර හා කඩවත් විහාරාධිපති සංගමයේ කෘත්‍යාධිකාරී, ත්‍රීකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ප්‍රධාන ලේඛකාධිකාරී හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, නියෝජ්‍ය පරිවේනාධිපති, නැගෙනහිර පළාත් හිටපු ගුරු උපදේශක(පිරිවෙන්), ශ්‍රී ධර්මපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය, විහාරාධිපති, ශාස්ත්‍රවේදී, විනයාචාර්ය පූජ්‍ය අලුත්ඔය සද්ධාතිස්ස නා හිමිගේ සහ සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය අලුදෙනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් 2021-12-15 වන දින පැවැත්විය.

මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය දරනු ලබන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ආචාර්ය දිමුත් නවරතන මහතාගේ යොමු කිරීම මත එතුමාගේ මිත්‍ර චීනයේ ඩූ ෆූජියෑන් මහතා සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය නරඹන සැදැහැවතුන් විසිනි. සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය අලුදෙනියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාරුණික යොමුකිරීම මත මෙම පුණ්‍ය සත්කාරය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මුලික කොට ක්‍රියාත්මක කිරීම අරඹන ලදී.

The Names Of Donors

චීනයේ ඩූ ෆූජියෑන් මහතා සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය නරඹන සැදැහැවතුන් විසිනි.